මියන්මාර ජනපති චීන විදේශ ඇමති හමු වෙයි

මියන්මාරයේ නව ජනාධිපති Min Aung Hlaing මහතා ඊයේ (25) Naypyidaw හිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික,විදේශ ඇමති Wang Yi මහතා හමුවිය.

මියන්මාරය සැමවිටම මියන්මාර-චීන සබඳතා එරට වඩාත්ම වැදගත් ද්විපාර්ශ්වික සබඳතාව ලෙස සලකන බව Min Aung Hlaing මහතා පැවසීය. මියන්මාරය එකම චීනය මූලධර්මයට දැඩි ලෙස අනුගත වන බවත්,චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරීම් හතර අගය කරන බවත්,ඒවාට ක්‍රියාශීලීව සහාය දක්වන බවත් ඔහු පැවසීය. මියන්මාරයේ නව රජය චීනය සමඟ ඉහළ පෙළේ හුවමාරු ශක්තිමත් කිරීමට,මියන්මාර-චීන ආර්ථික කොරිඩෝව ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීමට,දෙරටේ පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ගැඹුරු කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම වසර මියන්මාරයේ නව රජයේ පළමු වසර වන බැවින්,දෙපාර්ශ්වය එය ප්‍රයෝජනයට ගනිමින් පොදු ඉරණමක් සහිත චීන-මියන්මාර ප්‍රජාව ගොඩනැගීමේ නව ප්‍රතිඵල ලබා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු බව Wang Yi මහතා එහිදී සඳහන් කළේය. මියන්මාරය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවය ප්‍රවර්ධනය කර,මියන්මාරයේ ආර්ථික පද්ධතිය හැකි ඉක්මනින් නැවත ගොඩනැඟීමට සහ ස්වයං සංවර්ධන හැකියාව වැඩි දියුණු කිරීමට සහාය වීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මියන්මාර සංචාරය අතරතුරදී, Wang Yi මහතා මියන්මාර විදේශ අමාත්‍ය Tin Maung Swe මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය