චීනයේ සේවා ආනයනය හා අපනයනය සාධනීය වර්ධනයක් ලබා ගනී. මේ වසරේ පළමු කාර්තුවේදී චීනයේ සේවා ආනයනය හා අපනයනය චීන යුවාන් බිලියන 1822.9ක් බවත්, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 2.3%ක වර්ධනයක් බවත්, චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (08) නිකුත් කළ දත්තයන්හි සඳහන් වෙයි.
එම වර්ධනය තුළ දැනුම කේන්ද්‍රගත සේවා අංශය වඩාත් කැපී පෙනේ. ගෙවුණු කාර්තුවේදී දැනුම කේන්ද්‍රගත සේවා ආනයනය හා අපනයනය චීන යුවාන් බිලියන 793.71කි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 1.6%කින් වර්ධනය විය. ඒ අතරින් පුද්ගලික සංස්කෘතික හා විනෝදාස්වාද සේවා සහ මූල්‍ය සේවා වෙන් වෙන්ව 25.6%කින් හා 16.1%කින් වර්ධනය වී ඉහළම වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එසේම ගෙවුණු කාර්තුවේදී සංචාරක සේවා අපනයනය සහ ප්‍රවාහන සේවා ආනයනය ද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව චීන වාණිජ අමාත්‍යාංශ දත්තයන්හි වැඩිදුරටත් සඳහන් වෙයි.