චීන ආර්ථිකය ලෝකයට වසන්තයෙන් පිරි ජීවයක් ගෙන එයි

චීනයේ සමස්ත ආර්ථික ධාරිතාව යුවාන් ට්‍රිලියන 130 ඉක්මවා ඇති අතර එහි දළ දේශීය නිෂ්පාදිතය වාර්ෂිකව 5%කින් වර්ධනය වීමක් අත්කර ගෙන ඇත. 2024 දී චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථික ඒකකය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත්ව තිබේ. 5%ක ආර්ථික වර්ධන වේගයක් සමඟින් ලොව ප්‍රධාන ආර්ථික ඒකකයන්ගෙන් ඉදිරියට පැමිණෙන චීනය, ලෝක ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රධාන ප්‍රභවයක් බවට පත්ව සිටී. 2024 මුල් කාර්තු තුන තුළ, චීනයේ ආනයනය ගෝලීය ආනයන වර්ධනයට 20.3% කින් දායක වීමක් බව ලෝක වෙළඳ සංවිධානයේ වාර්තා පවසයි. එය ගෝලීය ආර්ථික ප්‍රකෘතියේ ඵලදායී ප්‍රවර්ධනයකි. 

චීනයේ වසන්ත උත්සවය ලෝක ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුමයක් ලෙස ලැයිස්තුගත කරන ලද පළමු අවස්ථාවේදී, මෙම වසන්ත උත්සව සමය, චීන ආර්ථිකයට මනා ආරම්භයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය ලෝක ආර්ථිකයටත් ශක්තියක් ඇති වනු ඇතැයි ද සඳහන් කෙරේ.