චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතාවන්හි හරය අන්‍යෝන්‍ය යහපත සහ පොදු ජයග්‍රහණ බව චීනය අවධාරණය කරයි

චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතාවන්හි හරය අන්‍යෝන්‍ය යහපත සහ පොදු ජයග්‍රහණ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි. අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතා පිළිබඳව වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

දෙරටේ නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමටත්, චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයට සහ ලෝක ආර්ථිකයට වැඩි ස්ථාවරත්වයක් එක් කිරීමටත් දෙපාර්ශ්වයම එක්ව කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.