චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපතිවරයා සහ ඇමරිකානු සෙනෙට් සභික නියෝජිත පිරිස අතර හමුවක්

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා, අද(7) බෙයිජිංහිදී Steve Daines මහතා ප්‍රමුඛ ඇමරිකාවේ සෙනෙට් සභිකයින්ගේ නියෝජිත කණ්ඩායම හමු විය. 

දෙර‍ට නායකයින් අතර වැදගත් එකඟතා ක්‍රියාවට නංවමින්, සංවාද හා ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කරන අතර, මතභේද නිසි ලෙස පාලනය කිරීමට චීනය ඇමරිකාව සමග එක්ව කටයුතු කිරීමට කැමති බව Zhao Leji මහතා එහිදී කියා සිටියේය. තායිවාන ගැටලුව චීනයේ වැඩි අවධානයක් යොමු කරන කරුණු අතරින්, වැදගත්ම කරුණය. එය චීන ඇමරිකා සම්බන්ධතාවය පිළිබඳ වැදගත්ම ප්‍රශ්නය ද වේ. ඇමරිකාවට, එකම චීනය මූලධර්මයේ එල්බ සිට තායිවාන ප්‍රදේශයට අදාළ ප්‍රශ්න සුපරීක්ෂාකාරීව හැසිරවීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු කියාසිටියේය.

චීනය හා චීනයේ සංවර්ධනය කෙරෙහි සාධාරණ ප්‍රවේශයකින් අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර ඉදිරියටත් වැඩි ඇමරිකානු කොංග්‍රස් සභිකයින් චීනයේ නිල සංචාරය සඳහා එක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද Zhao Leji මහතා ප්‍රකාශ කර ඇත.