ජාත්‍යන්තර ප්‍රජාව ජපානයේ න්‍යෂ්ටික අභිලාෂයන් අධිෂ්ඨානශීලීව මැඩපැවැත්විය යුතුයි–චීනය

ජාත්‍යන්තර ප්‍රජාව ජපානයේ න්‍යෂ්ටික අභිලාෂය සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටිය යුතු බව නිරායුධකරණ කටයුතු පිළිබඳ චීන තානාපති Shen Jian මහතා ප්‍රකාශ කරයි. ඔහු මෙසේ පැවසුවේ ඊයේ(4) නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමේ 11 වන සමාලෝචන සමුළුවේදීය.

මෑත වසරවල න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ජපානය අඛණ්ඩව සෘණාත්මක ප්‍රකාශ හා පියවර සිදු කර ඇත. රටේ සාමවාදී ව්‍යවස්ථාවේ “න්‍යෂ්ටික නොවන මූලධර්ම තුන” සංශෝධනය කිරීම ප්‍රවර්ධනය කිරීම, දිගු දුර ප්‍රහාරක හැකියාවන් පුළුල් කිරීම සහ තම භූමියේදී න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට සහචරයින්ගෙන් සහාය ඉල්ලීම සඳහා ජපානය පියවර ගෙන ඇතැයි ද Shen Jian මහතා පෙන්වා දෙයි. ජාත්‍යන්තර ප්‍රජාව මේ පිළිබඳව සුපරීක්ෂාකාරිව සිටිමින් එරට න්‍යෂ්ටික අභිලාෂයන් අධිෂ්ඨානශීලීව මැඩපැවැත්විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර විදේශයන්හි ස්ථානගත කර ඇති සියලුම න්‍යෂ්ටික අවි සිය රටවලට ආපසු රැගෙන එන ලෙස චීනය න්‍යෂ්ටික අවි සහිත රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බව ද එම අවස්ථාවේදී Shen Jian මහතා ප්‍රකාශ කර ඇත .