හාර්බින් ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙලේ ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානය නිල වශයෙන් ක්‍රියාත්මක වේ

චීනයේ Harbin හි පැවැත්වෙන 2025 ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සතියක් ඉතිරිව තිබියදී, එහි ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ඊයේ (31) නිල වශයෙන් ක්‍රියාත්මක විය.

Harbin ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සහ ක්‍රීඩා මධ්‍යස්ථානයේ පිහිටා ඇති මෙම මාධ්‍ය මධ්‍යස්ථානය, ප්‍රධාන මුද්‍රණාලයකින් සහ ජාත්‍යන්තර විකාශන මධ්‍යස්ථානයකින් සමන්විත වේ.

ක්‍රීඩා උළෙල සඳහා ලියාපදිංචි වී සිටින මාධ්‍ය සහ විකාශකයින් සඳහා භාෂා සහ මාර්ගෝපදේශක සේවා සැපයීමට  එහි ස්වේච්ඡා සේවකයින් සූදානමින් සිටින අතර, එම ස්ථානයේ විදේශ මුදල් හුවමාරු අලෙවිසැල් ද ඇත.

Harbin ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල, එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන පෙබරවාරි මස 07 වන දිනට පෙර දිනයේ දී හොකී තරඟයකින් ආරම්භ වන අතර ක්‍රීඩා උළෙල පෙබරවාරි 14 වන දින අවසන් වේ.