2026 බෙයිජිං Xiangshan සංසදයේ පූර්ව සමුළුව ඇරඹේ. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සමුළුව අද(08) පෙරවරුවේ චීනයේ බෙයිජිං හිදී ඇරඹිණ. එහි ප්‍රධාන තේමාව ‘ගෝලීය ආරක්ෂක පාලනය සඳහා වූ අභියෝග හා පිළියම්’ යන්නයි. මෙම සමුළුව, Xiangshan සංසදයට අනුබද්ධ වැදගත් කොටසක් ලෙසට, මෙම වසරේ සරත් ඍතුවේ පැවැත්වීමට නියමිත 13 වන බෙයිජිං Xiangshan සංසදය සඳහා පදනමක් වීම විශේෂත්වයකි.
රුසියාව, සිංගප්පූරුව, මැලේසියාව, කාම්බෝජය, ප්‍රංශය ඇතුළු 40කට වැඩි රටවලින් හා ජාත්‍යන්තර සංවිධානවලින් පැමිණෙන නියෝජිතයෝ හා දෙස්-විදෙස් විද්වත්හු 120කට වැඩි පිරිසක් ඊට එක්ව සිටිති. ‘ජාත්‍යන්තර පටිපාටිය හා ජාත්‍යන්තර නීතිමය පාලනය’, ‘ආසියා-පැසිෆික් ආරක්ෂාවේ නව අභියෝග’, ‘ජාත්‍යන්තරයේ පොදු සුරක්ෂිතතාවේ වගකීම් ආරක්ෂා කිරීම’ සහ ‘නැගී එන තාක්ෂණ හා යුදමය භාවිතයෙන් ඇති වන අවදානම් පාලනය’ යන ප්‍රධාන තේමා හතර සම්බන්ධයෙන් එහිදී වට මේස සාකච්ඡා පැවැත්වෙනු ඇත.