නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ එක්සත් පෙරමුණ ශක්තිමත් කිරීම පිළිබඳ ජනපති ෂී ජින් පිං මහතාගේ චින්තනය, ග්‍රන්ථයකින් ප්‍රකාශයට පත් කෙරේ

“නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ එක්සත් පෙරමුණ ශක්තිමත් කිරීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය පිළිබඳ කියවීම් පොත”‍ප්‍රකාශයට පත් කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ එක්සත් පෙරමුණේ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් එම කියවීම් පොත පසුගිය දා චීනය පුරා බෙදා හැර තිබේ.

නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ එක්සත් පෙරමුණ ශක්තිමත් කිරීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය, පක්ෂයේ එක්සත් පෙරමුණේ කටයුතුවල සියවසක සංවර්ධන ඉතිහාසය සම්පිණ්ඩනය කිරීමකි. එය නව යුගයේ පක්ෂයේ එක්සත් පෙරමුණේ කටයුතු සඳහා වන මූලික ‍මඟපෙන්වීමක් ද වෙයි. එක්සත් පෙරමුණේ කේන්ද්‍රීය කාර්යභාරයන්, විවිධ ක්ෂේත්‍රයන්හි එක්සත් පෙරමුණ ශක්තිමත් කිරීම, එක්සත් පෙරමුණේ කටයුතුවලදී චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ නායකත්වය තහවුරු කිරීම ඇතුළු කරුණු එම කියවීම් පොතට ඇතුළත් ය. නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ එක්සත් පෙරමුණ ශක්තිමත් කිරීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය එම කියවීම් පොත මගින් සවිස්තරාත්මක ව පහදා දෙනු ලැබේ.