චීනය හා ඇමරිකාව අතර පොදු ප්‍රතිලාභී හා සහයෝගිතා අවස්ථාවන් පුළුල් බව චීන උප ජනපති පවසයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත, උප ජනාධිපති Han Zheng මහතා ඇමරිකාවේ තේරී පත්වූ උප ජනාධිපති James David Vance මහතා හමු වෙයි. හමුව ඊයේ(19) ඇමරිකාවේ Washington හිදී පැවැත්විණ. ජනාධිපති ධුරයට තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්  මහතා වෙත සුභාශිංසන සහ Vance මහතා වෙත ෂී  ජින්පිං මහතා ගේ සුබ පැතුම් ද Han Zheng මහතා විසින් එහිදී පිරිනමන ලදි.

පසුගිය 17 වැනි දා ෂී ජින්පිං මහතා හා ඩොනල්ඩ් ට්‍ර්ම්ප් මහතා නිරත වූ දුරකථන සංවාදයේ දී දෙරට සම්බන්ධතාවයේ ඉදිරි ගමන්මග පිළිබඳව රාජ්‍ය නායක දෙපළ එකඟතා රැසකට එළඹි බව Han Zheng මහතා පැවසීය. ඇමරිකාව සමග එක්ව, එවැනි එකඟතා මැනවින් අනුගමනය කිරීමට චීනය සූදානමින් සිටී. චීනය හා ඇමරිකාව අතර මතභේද පැවතිය ද දෙරටේ පොදු ප්‍රතිලාභ හා සහයෝගිතා අවස්ථාවන් පුළුල් ය. මේ සඳහා වන සාකච්ඡා තහවුරු කළ යුතු බව ද චීන උප ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික හා වෙළඳ සබඳතා දෙරටට අතිශය වැදගත් බව Vance මහතා එහිදී පැවසීය. ජගත් ප්‍රජාව තුළ චීනය කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් සිටී. චීනය සමග එක්ව, දිගුකාලීන, ප්‍රතිඵලදායී සබඳතා තහවුරු කිරීමට ඇමරිකාව කැමැත්තෙන් සිටින බව ද හෙතෙම කියා සිටියේය. 

මේ අතර, චීන උප ජනාධිපතිවරයා එදිනම ඇමරිකා – චීන වෙළඳ කවුන්සලය සහ එරට වාණිජ මණ්ඩලය ඇතුළු ආයතනවල නියෝජිතයන් ද හමු විය.

චීන – ඇමරිකා සබඳතාවයේ සවියක් වන ඇමරිකාවේ කාර්මික හා ව්‍යාපාරික තලය, දෙරට ආර්ථික හා වෙළඳ සහයෝගිතා මෙන්ම චීන ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ක්‍රියා කරන බව Han Zheng මහතා පැවසීය. සිය විවෘතභාවය හා ව්‍යාපාරික පරිසරය චීනය අඛණ්ඩ ව වැඩිදියුණු කරයි. ඇමරිකානු ව්‍යාවසායයන් චීනයේ තවදුරටත් ආයෝජනය කිරීටමත් ස්ථාවර, නිසි හා තිරසර චීන – ඇමරිකා සබඳතාවක් ඇති කිරීමටත් දායක වනු ඇති බවත් ඔහු අපේක්ෂා පළ කළේය.

එසේ ම, චීන උප ජනාධිපතිවරයා ඊයේ(19) Tesla සමාග‍මේ ප්‍රධාන විධායක නිලධාරී Elon Reeve Musk හමුවූ අවස්ථාවේදී Tesla සමාගම ඇතුළු ඇමරිකාවේ ව්‍යවසායයන්ට චීනයේ සංවර්ධන ජයග්‍රහණ බෙදා ගැනීමට ආරාධනා කළේය.