ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනය වෙනුවෙන් චීන විදේශ අමාත්‍ය වං යී මහතා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත සුබ පැතුම් පිරිනමයි.
චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍රත්වයෙන් බැඳි අසල්වැසි රටවල් දෙකකි.දෙරට මුල සිට ම සාමකාමී සහජීවනය පිළිබඳ මූලධර්ම පහ මත පදනම්ව ද්විපාර්ශ්වික සබඳතාව සංවර්ධනය කරමින් සිටින බව වං යී මහතා අද (4) යොමු කළ එම සුබ පැතුම් පණිවුඩයේදී සඳහන් කළේය. එමෙන්ම එකිනෙකාගේ මූලික අවශ්‍යතා හා වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙරට අඛණ්ඩව අන්‍යෝන්‍ය වශයෙන් අනුබල ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය ජනවාරි මස පැවති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය සාර්ථකව නිමාවට පත් වූ අතර, දෙරටේ නායකයන් චීන-ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳව නව උපායමාර්ගික උපදෙස් ඉදිරිපත් කර ඇති බව වං යී මහතා සඳහන් කළේය. අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ, එම වැදගත් එකඟතාවන් ක්‍රියාවට නංවමින් සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට කැමැත්තෙන් පසු වන බවට ද ඔහු අදහස් දක්වා ඇත. එමෙන්ම “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සම්බන්ධ සහයෝගිතාව ශක්තිමත් කරමින් එක්ව පොදු ඉරණමක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනැගීමටත් වං යී මහතා සිය බලාපොරොත්තුව පළ කර ඇත.