2025 ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ජාතික චිත්‍රපට උළෙල

2025 ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ජාතික චිත්‍රපට උළෙල පසුගියදා Chongqing නගරයේ දී ආරම්භ විය. එම උළෙල චීන ජාතික චිත්‍රපට පරිපාලනය සහ Chongqing නාගරික රජය එක්ව සංවිධාන කර තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, පාකිස්ථානයේ ෆෙඩරල් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය Wajiha Qamar මහත්මිය, රුසියානු සංස්කෘතික අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් සහ නියෝජ්‍ය අමාත්‍ය Zhanna Alekseyeva මහත්මිය සහ උස්බෙකිස්ථාන ජාතික චිත්‍රපට  පරිපාලන ප්‍රධානි Shukhrat Rizaev මහතා සමාරම්භක උත්සවයට සහභාගී වී දේශන පැවැත්වූහ.

විශාලතම භූමි ප්‍රදේශය සහ වැඩිම ජනගහනය සහිත ලොව විශාලතම කලාපීය සංවිධානය ලෙස, ෂැංහයි සහයෝගිතා සංවිධානය, පොහොසත් ශිෂ්ටාචාර විවිධත්වයක් සහ පුළුල් පරාසයක සංස්කෘතික අන්තර්ක්‍රියා අවස්ථා එකට මුසු කරන බව Shen Haixiong මහතා එහිදී දේශනයක් කරමින් පැවසීය. විවිධ රටවල විශිෂ්ට චිත්‍රපට නිර්මාණ මෙහි “හමුවීමෙන්”, නිර්මාණාත්මක අදහස් ප්‍රබෝධවත් කරමින් ජාත්‍යන්තර චිත්‍රපට සහ රූපවාහිනී සහයෝගීතාවයේ ආකෘතියක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.