චීන විදේශ විනිමය සංචිතය ඉහළට

චීන විදේශ විනිමය සංචිතය ඉකුත් ජුනි මාසය අවසානය වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3 ඉක්මවූ බව වාර්තා කරයි.

චීන ජාතික විදේශ විනිමය පරිපාලනය අද(7) නිකුත් කළ දත්තවලින් මේ බව පෙන්නුම් කර ඇත.

පසුගිය ජුනි මාසය අවසානය වන විට චීන විදේශ විනිමය සංචිතය  ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3174කි. එය පසුගිය මැයි මාසය අවසානයට සාපේක්ෂව 0.98%කින් වර්ධනය වී තිබේ.

2025 ජුනි මාසයේදී, ප්‍රධාන ආර්ථිකයන්හි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ආර්ථික වර්ධන අපේක්ෂාවන් හේතුවෙන්, ඇමරිකානු ඩොලර් දර්ශකය පහත වැටුණු අතර, ගෝලීය මූල්‍ය වත්කම් මිල සමස්ත වශයෙන් ඉහළ ගියේය. විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම් වැනි සාධකවල ඒකාබද්ධ බලපෑම් හේතුවෙන්, එම මාසයේ විදේශ විනිමය සංචිතය වැඩි විය.

චීනයේ ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වෙමින් පැවති අතර මනා සංවර්ධන ගම්‍යතාවයක් පවත්වා ගෙන තිබේ. එය චීනයේ විදේශ විනිමය සංචිතයේ මූලික ස්ථාවරත්වය පවත්වා ගැනීමට හිතකර වේ.