රට පුරා වගා භූමි සඳහා ඉදිකර තිබෙන වාරි ව්‍යාපෘති සංඛ්‍යාව හෙක්ටයාර හත් කෝටි විසි හතර ලක්ෂයක වපසරිය ඉක්මවා ඇතැයි චීන ජල සම්පත් අමාත්‍යාංශය පවසයි. මේ අනුව, මෑත වසරවලදී වාරිමාර්ග ව්‍යාපෘති ආශ්රිත පද්ධතීන් තවදුරටත් වැඩිදියුණු වෙමින් අරපිරිමැස්මෙන් යුතුව වගා භූමි සඳහා ජලය සැපයීම තවදුරටත් සහතික කර තිබීම කැපී පෙනේ.
වාරිමාර්ග හා සම්බන්ධ නව වැඩපිළිවෙළක් මෙම වසරේ ක්‍රියාවට නැංවීමත් සමග ඊට අදාළ වාරි ව්‍යාපෘති සඳහා නව ප්‍රදේශ 15ක් ඉදිකිරීම් කටයුතු සඳහා තෝරා ගෙන ඇත. මේ වන විට, රට පුරා ඇති භූමි ප්‍රමාණයෙන් 56%ක් වගා කටයුතු සඳහා දායක කර ගනිමින් රටවැසියන් සඳහා 80%ක ධාන්‍ය නිෂ්පාදන සපුරාලීම ද විශේෂත්වයකි.
එමෙන් ම, ’14 වන පස් අවුරුදු’(2021-2025) සමයේ සමාජය තුළ ජලය භාවිත කිරීමේ ඵලදායිතාව කැපී පෙනෙන අයුරින් වර්ධනය වී ඇතැයි ද ජල සම්පත් අමාත්‍යාංශය පවසා ඇත. එම කාලය තුළ, අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිත කළ සමාජයක් ගොඩ නැංවීම සඳහා වන ප්‍රධාන ඉලක්ක අපේක්ෂිත කාලයට පෙර සම්පූර්ණ කර ඇති අතර, 2024 වසරේ රට පුරා ජලය භාවිත කිරීමේ සමස්ත ප්‍රමාණය ද ඝණ මීටර් බිලියන 592.8ක් වී තිබේ.