චීන ජාතික දින නිවාඩු සමයේ රට පුරා ගමනාගමනය වාර්තාගත ලෙස ඉහළට

චීනයේ ජාතික දිනය හා සාම්ප්‍රදායික මැද-සරත් ඍතු උත්සවය සැමරීම සඳහා වෙන් වූ ගෙවුණු දින 08ක කාලය තුළ චීනයේ ගමනාගමනය වාර්තා පොත් අලුත් කරයි.

මෙම නිවාඩුව වෙනුවෙන් ඉකුත් පළමු වැනිදා සිට ඊයේ (08) දින දක්වා චීනය පුරා සංචාරයන් හි නිරත වූ පුද්ගලයින්ගේ ගමන් වාර සංඛ්‍යාව බිලියන 2.43කට අධික වන අතර, දෛනිකව එය කෝටි 30 ඉක්මවා ඇත. පසුගිය වසරේ එම කාලයේ දෛනික අගය හා සැසඳීමේ දී එහි 6.3%ක වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර, මෙම වසරේ එය නව වාර්තාවක් බව චීන ගමනාගමන අමාත්‍යාංශය අද (09) නිකුත් කළ දත්තවල දැක්වෙයි. ඊට අනුව, මෙම නිවාඩු දින 08 තුළ, දේශීය සංචාර සඳහා එක්වූවන් සිදු කළ සමස්ත වියදම් ප්‍රමාණය චීන යුවාන් බිලියන 809 ඉක්මවා ඇති අතර, එය පසුගිය වසරේ එම නිවාඩු කාලයට සාපේක්ෂව යුවාන් බිලියන 108.1ක වර්ධනයක් පෙන්නුම් කිරීමකි.