ඇමරිකාව චීන සමාගම් රැසක් අපනයන පාලන ලැයිස්තුවට ඇතුලත් කිරීමට එරෙහිව චීනයෙන් දැඩි විරෝධය

චීන සමාගම් රැසක් ‘අපනයන පාලන ලැයිස්තුවට’ ඇතුළත් කිරීමට ඇමරිකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි. චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද (10) මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීනයේ ස්ථාවරය මෙලෙස පැහැදිලි කළේය.

ඇමරිකාවේ එම ක්‍රියාව ව්‍යවසායන්ගේ නිත්‍යානුකූල අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති අතර ගෝලීය කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ද අඩපණ කර ඇත. චීනය ඊට දැඩි විරෝධය පළ කරන බව එම ප්‍රකාශකයා කියා සිටි‍යේය.

එබැවින් චීන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීම සඳහා ප්‍රායෝගික පියවර ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.