වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ භාණ්ඩ ආනයන හා අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක්

චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලය වසරේ මුල් කාර්තු තුන තුළ රටේ ආනයන හා අපනයන තත්ත්වය පිළිබඳව දැනුවත් කරමින් අද(13)  මාධ්‍ය හමුවක් පැවැත්වීය. එම කාලය තුළ චීනයේ භාණ්ඩ ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 33.61 ක් වූ අතර එය වාර්ෂිකව 4% ක වර්ධනයක් බව පොදු රේගු පරිපාලනයේ ප්‍රකාශක සහ එහි විශ්ලේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලූ ඩාල්‍යං මහතා එම අවස්ථාවේදී කියා සිටියේය.

මුල් කාර්තු තුනේ අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 19.95 ක් වූ අතර එහි වාර්ෂික වර්ධනය 7.1% කි. ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 13.66 ක් වූ අතර එය වාර්ෂික ව 0.2% ක අඩුවීමක් බව ද ඔහු පැවසීය.

මේ අතර චීනය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ පොදු සංවර්ධනයට එක්වූ රටවල් සමග සිදු කළ ආනයන සහ අපනයන, එම කාලය තුළ 6.2% කින් වැඩි වී යුවාන් ට්‍රිලියන 17.37 ක් දක්වා ළඟා වී ඇත.

මෙම මාසය අවසානයේදී, APEC නායකයින්ගේ 32වන නිල නොවන රැස්වීම දකුණු කොරියාවේදී පැවැත්වේ. 

මෙම වසරේ මුල් කාර්තු තුන තුළ සෙසු APEC ආර්ථිකයින් සමඟ චීනයේ ආනයන සහ අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 19.41 ක් වූ අතර එය වාර්ෂික ව 2% ක ඉහළ යාමකි. එය චීනයේ සමස්ත ආනයන සහ අපනයනවලින් 57.8% ක අගයක් ගැනීම ද වි‍ශේෂත්වයකි.