චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති Wang Huning මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වෙයි.
අද(13) චීනයේ බෙයිජිං නගරයේ දී එම හමුව සිදුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය චීනයට පැමිණ සිටී.
රාජ්‍ය නායක දෙපල ඇති කරගත් එකඟතාවයන් ශ්‍රී ලංකාව සමඟ එක්ව ක්‍රියාවට නංවාලීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Huning මහතා ප්‍රකාශ කළේය. “එක් තීරයක් එක් මාවතක්”ඉහළ ගුණත්මකභාවයෙන් ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවන් පුළුල් කරමින් අවංක හා අන්‍යෝන්‍ය සහයෝයන්ගෙන් සපිරි පාරම්පරිකව පවතින මිත්‍රත්වයක් හිමි චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය අඛණ්ඩ ඉදිරියට ගෙන යාමට ද චීනය බලාපොරොත්තු වේ.
කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුව සාර්ථකව පැවැත්වීම පිළිබඳව සුබ පැතුම් පිරිනමමින් හරිනි අමරසූරිය මෙනෙවිය එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ, ලෝක කාන්තාවන් ගේ සංවර්ධනය අරමුණු කර ගෙන ඉදිරියට යන ගමනේදී චීනය ලබාදෙන නායකත්වය ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ දේශනයෙන් පිළිබිඹු වූ බවය. චීනය සමග සබඳතාව අගය කරන ශ්‍රී ලංකාව, චීනය සමඟ එක්ව ආර්ථිකය, අධ්‍යාපනය සහ සංචාරය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමට කැමැත්තෙන් සිටී. දෙරටේ සබඳතාව අලුත් මට්ටමකට නංවාලීමට ද අපේක්ෂා කෙරේ.