“ඩිජිටල් සහ බුද්ධිමය වශයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා බලගැන්වීමේ චීනයේ ප්‍රගතිය පිළිබද ප්‍රදර්ශනය” යන ගෝලීය කාන්තා සමුළුවට සහාය දැක්වීමේ උත්සවය අද(14) උදෑසන බෙයිජිං හිදී ආරම්භ විය. චීන ජනපති ආර්ය, ගැහැණු ළමුන්ගේ සහ කාන්තා අධ්‍යාපනයේ දියුණුව සඳහා වූ යුනෙස්කෝ විශේෂ නියෝජිත Peng Liyuan මහත්මිය, එක්සත් ජාතීන්ගේ උප මහලේකම් සහ කාන්තා අංශයේ විධායක අධ්‍යක්ෂ Sima Sami Bahous මහත්මිය සමඟ, ඊට සහභාගී වී දේශන පැවැත්වූහ.
චීනය ඩිජිටල් සහ බුද්ධිමත් තාක්ෂණයන් ක්‍රියාකාරීව සංවර්ධනය කිරීමෙන් කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ජීවන රටාවන් වෙනස් කර ඇති බව Peng Liyuan මහත්මිය පැවසුවා ය. කාන්තාවන්ගේ මෙහෙවර තහවුරු කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු වගකීමකි. කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට අවස්ථා පිරුණු ඩිජිටල් අනාගතයක් විවෘත කිරීම සඳහා සියලු දෙනා සමඟ එක්ව ක්‍රියා කිරීමට තමා බලාපොරොත්තු වන බව Peng Liyuan මහත්මිය එහිදී සඳහන් කළා ය.
කාන්තාවන්ගේ පූර්ණ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී සහ කාන්තා අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමේදී චීනය ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණ Bahous මහත්මිය සිය කතාවේදී බෙහෙවින් පැසසුමට ලක් කළා ය.
