15 වන පස් අවුරුදු සැලසුම් තුළ චීන ආර්ථික හා සමාජ වර්ධනයේ ප්‍රධාන ඉලක්ක පැහැදිලි කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසි වාරයේ වැදගත්කම හඳුන්වා දීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (24) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

මෙවර සැසි වාරයේ දී සම්මත වූ චීනයේ “15 වන පස් අවුරුදු සැලැස්ම සම්පාදනය කිරීමේ යෝජනාව” හරහා 15 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ චීන ආර්ථික හා සමාජ වර්ධනයේ ප්‍රධාන ඉලක්ක නියම කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මූල්‍ය කමිටු කාර්යාලයේ උප අධ්‍යක්ෂ Han Wenxiu මහතා මේ අවස්ථාවට එක් වෙමින් මේ අදහස් පළ කළේය.‍

උසස් තත්ත්වයේ සංවර්ධනයෙන් සැලකිය යුතු ප්‍රතිඵල අත්කර ගැනීම, විද්‍යා හා තාක්ෂණ ස්වාධීන මට්ටම විශාල පරිමාණයෙන් ඉහළ නංවාලීම, සම්පූර්ණ ප්‍රතිසංස්කරණ තවදුරටත් ශක්තිමත් කරමින් නව ජයග්‍රහණ අත්කර ගැනීම, සමාජ ශිෂ්ටාචාර මට්ටම කැපී පෙනෙන ලෙස යහපත් මට්ටමකට ගෙන ඒම, ජනතාවගේ ජීවන තත්ත්වයන් අඛණ්ඩව ඉහළ නැංවීම, ‘සුන්දර චීනයක්’ගොඩනැගීමේදී නව වැදගත් ප්‍රගතීන් ලබා ගැනීම සහ ජාතික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම යනාදිය එම ඉලක්කවලට ඇතුළත් යැයි Han Wenxiu මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.