චීනය පුරා යුවාන් මිලියන 20 ඉක්මවූ වාර්ෂික පිරිවැටුමක් සහිත කාර්මික ව්‍යවසායන් හි සමස්ත ලාභයේ ඉහළ යාමක්

චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනය නිකුත් කළ දත්තයන්ට අනුව, මෙම වසරේ මුල් මාස 9 තුළ, යුවාන් මිලියන 20 ඉක්මවූ වාර්ෂික පිරිවැටුමක් සහිත කාර්මික ව්‍යවසායන් හි සමස්ත ලාභය චීන යුවාන් ට්‍රිලියන 5.4කට පමණ ළඟා වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 3.2%ක වැඩිවීමකි.

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා, එම ව්‍යවසායන් අතරින්, රාජ්‍ය ව්‍යවසායන්හි ලාභය පසුගිය කාලසීමාවට වඩා 0.3% කින් අඩු විය. එසේම ඒකාබද්ධ ලැයිස්තුගත කොටස් ව්‍යවසායන්හි ලාභය 2.8% කින් ඉහළ ගොස් තිබේ. විදේශ ආයෝජන ව්‍යවසායන් මෙන්ම, චීනයේ හොංකොං, මැකෞ සහ තායිවාන යන කලාපවල ආයෝජන ව්‍යවසායන් 4.9% ක ලාභ වර්ධනයක් අත්කර ගෙන තිබේ. එසේම පෞද්ගලික ව්‍යවසායන් හී එම අනුපාතය 5.1% කි.