චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානත්වයෙන් “නවෝත්පාදනය, විවෘතභාවය සහ පොදු සංවර්ධනය” පිළිබඳ ගෝලීය සංවාදයේ දකුණු අප්‍රිකාවේ වැඩසටහන ඊයේ(27) Johannesburg හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක කාර්යාංශයේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ දකුණු අප්‍රිකානු තාක්ෂණ හා නවෝත්පාදන කටයුතු පිළිබඳ අමාත්‍ය Blade Nzimande මහතා ඒ සඳහා වීඩියෝ ආකාරයේ දේශන සිදු කළහ. එමෙන්ම දකුණු අප්‍රිකාවේ චීන තානාපති Wu Peng මහතා ද එහිදී දේශනයක් පැවැත්වීය. චීන සහ දකුණු අප්‍රිකාවේ ඒ ඒ ක්ෂේත්‍රවල නියෝජිතයින් 100 කට ආසන්න පිරිසක් එම වැඩසටහනට එක්ව සිටියහ. චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කරමින් ලෝකය සමග සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීම පිළිබඳ ඔවුහූ එහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

ලෝකයේ වැඩි අවධානයට ලක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය, පසුගිය දා බෙයිජිංහිදී සාර්ථකව අවසන් විය. එය නව යුගයේ චීනයේ සන්ධිස්ථානගත සිද්ධියක් බව Shen Haixiong මහතා එහිදී ප්‍රකාශ කළේය. නව සංවර්ධන සැලසුම මත චීනයේ විවෘතභාවය අඛණ්ඩව ව්‍යාප්ත කිරීමෙන් ලෝකයට වඩාත් වැඩි පොදු ජයග්‍රහණ ලබා ගත හැකි වනු ඇත. සාමුහික ව සංජානන හැකියාවන් ඒකරාශී කර පොදු සාකච්ඡා පැවැත්වීමේ ගෝලීය වේදිකාවක් ගොඩනගා ‘ගෝලීය මුලපිරුම් හතර’ මනාව ක්‍රියාත්මක කරමින් ‘චීන විසඳුම්’ ලෝකය සමඟ හුවමාරු කර ගැනීම සඳහා චීන මාධ්‍ය සමූහය සහයෝගිතා හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ඊට අමතරව, ‘චීන මාදිලියේ නවෝත්පාදන මාවත’ වාර්තා චිත්‍රපටය පිළිබඳ ප්‍රචාරක වීඩියෝ මෙන්ම චීනයේ උසස් විද්‍යා තාක්‍ෂණ නවෝත්පාදන ජයග්‍රහණ ප්‍රදර්ශන කෙරෙන ‘චීන විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන උත්සවය’ යන වැඩසටහන් ද එම අවස්ථාවේදී ප්‍රදර්ශන කෙරිණ.

