විවිධ පාර්ශ්වයන් සමග එක්ව හවුල් අනාගතයක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාව ගොඩනැංවීම චීනයේ අපේක්ෂාවයි – චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (31) සවස දකුණු කොරියාවේ Gyeongju හි පැවති එපෙක් සංවිධානයේ කාර්මික හා වාණිජ නායකයින්ගේ ප්‍රධාන විධායක සමුළුවේදී ලිඛිත දේශනයක් සිදු කළේය. ‘ලෝකයේ සංවර්ධනය හා සමෘද්ධිය උදෙසා ආසියා-පැසිෆික් කලාපයේ මඟපෙන්වීමේ කාර්යභාරය ඉටු කරමු’ තේ‍මාවෙන් හෙතෙම දේශනය පවත්වා තිබේ.

වර්තමානයේ කැළඹිලි සහගත ලෝක තත්ත්වයක් දක්නට ලැබෙන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. අදාළ පාර්ශ්වයන් දූරදර්ශී අයුරින් සිය වගකීම් හා යුතුකම් ඉටු කළ යුතුය. වත්මන් ජාත්‍යන්තර පටිපාටිය දැඩි ලෙස ආරක්ෂා කරන චීනය, ප්‍රායෝගික බහුපාර්ශ්වවාදය අනුගමනය කරයි. ලබන වසරේ, චීනය තුන්වැනි වතාවට එපෙක් සංවිධානයේ සමුළුවේ සත්කාරකත්වය දරනු ඇත. එහිදී විවිධ පාර්ශ්වයන් සමග එක්ව හවුල් අනාගතයක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාව ගොඩනැංවීම චීනයේ අපේක්ෂාව බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය.