
ගෝලීය දකුණේ මාධ්‍ය හවුල්කරුවන්ගේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේ උත්සවය හෙවත් 13 වන ගෝලීය වීඩියෝ මාධ්‍ය සාකච්ඡා සංසදය අද (06) චීනයේ Xi’an නගරයේදී ආරම්භ විය.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සහ උරුගුවේ ජනාධිපති යමන්ඩු ඔර්සි යන නායකයන් එම උත්සවය සාර්ථකව පැවැත්වීමට සුබ පැතුම් පණිවුඩ එක් කර තිබිණ. රටවල් සහ ප්‍රදේශ 40 ක ජගත් සංවිධාන, මාධ්‍ය ආයතන ප්‍රධානීහු මෙන්ම චීනයේ තානාපති කාර්යාල නියෝජිතයෝ ඇතුළු 300 කට වැඩි පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. එහිදී ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතා ජයග්‍රහණ රැසක් ද නිකුත් කෙරිණ.

ජාත්‍යන්තර පටිපාටිය වෙනස් වෙමින් ඇති වකවානුවක, ජාත්‍යන්තර වේදිකාවේදී ගෝලීය දකුණේ රටවල සාමූහික බලපෑම්ද වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර ඇත.
ඒ සඳහා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙතද පවතින වැදගත් කාර්යභාරය මැනවින් අවබෝධ කර ගනිමින්, චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගෝලීය දකුණේ මාධ්‍ය සහයෝගීතා යාන්ත්‍රණය ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, විවිධ ක්ෂේත්රයන් හි තොරතුරු හුවමාරුව පුළුල් කරමින් අවශ්‍ය සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, නව න්‍යාය පත්‍ර තුළින් පොදු සම්මුතියක් ගොඩනැගීමටත් උපකාරී වේ. එය ගෝලීය සංවර්ධනය සඳහා නව ප්‍රවේශයක් වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. එබැවින්, චීන මාධ්‍ය සමූහය සංවිධානය කරන ගෝලීය දකුණේ මාධ්‍ය සහයෝගීතා යාන්ත්‍රණය නිල වශයෙන් දියත් කිරීමේ සමාරම්භක උලෙළ වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙන් සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්රචාරක කාර්යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වන චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් ෂෙන් හයි සියොන්ග් මහතා එම උත්සවය අමතා ප්‍රකාශ කළේ, ලෝකය මේ වන විට කැළඹිලි බවින් පරිවර්තන පරිච්ඡේදයකට පිවිසෙමින් සිටින බවය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද “ගෝලීය පරිපාලන මුලපිරීම”, ගෝලීය දකුණේ හදිසි මෙන්ම ප්‍රායෝගික අවශ්‍යතාවට ගැලපීමක් බව හෙතෙම සඳහන් කළේය. චීන මාධ්‍ය සමූහය මෙම යාන්ත්‍රණය ස්ථාපිත කරමින්, දෙස් විදෙස් මාධ්‍ය සහකරුවන් සමඟ එක්ව ගෝලීය පරිපාලනය වෙනුවෙන් මාධ්‍ය වගකීම ඒකාබද්ධව භාර ගෙන වඩාත් සාධාරණ මෙන්ම යහපත් ගෝලීය පිළිවෙලක් බිහිකිරීම සඳහා මාධ්‍ය බුද්ධිය සහ ශක්තිය දායක කළ යුතු බව ද හෙතෙම පැවසීය.
“ඒකාබද්ධ සංවර්ධනය සහ බෙදාගැනීම, අන්‍යෝන්‍ය විශ්වාස සහ සහය, වෙනස්කම් පැවතීමේදී පොදුබවක් සොයා ගනිමින් විවිධාංගීකරණ සහයෝගීතාවය ගොඩනැගීම” යන මූලධර්ම මෙම යාන්ත්‍රණයේ අරමුණය. ඒ සඳහා මේ වන විට රටවල් සහ කලාප 114 ක මාධ්‍ය ආයතන 528 ක් එක්වී ඇත.
