ගෙවී ගිය 2025 වසරේ චීන පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 වසර හා සැසඳීමේදී සමාන මට්ටමක පවතී.
චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනය අද (09) නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනයකින් මේ බව පෙන්නුම් කෙරිණ.
ඒ අනුව, පසුගිය දෙසැම්බර් මාසයේ චීන පාරිභෝගික මිල දර්ශකය එම වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 0.2%කින් ඉහළ ගොස් ඇත. එය 2024 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 0.8%ක වැඩිවීමකි.