“2026 චීන-අප්‍රිකානු මානව හුවමාරු වසරයි” නම් ක්‍රියාකාරකමෙහි සමාරම්භක උත්සවය පැවැත්වේ

“2026 චීන-අප්‍රිකානු මානව හුවමාරු වසරයි” යන ක්‍රියාකාරකමෙහි සමාරම්භක උත්සවය ඊයේ (8) අඩිස් අබාබාහි අප්‍රිකානු සංගම් මූලස්ථානයේදී පැවැත්විණ. මෙම උත්සවයට එක් වූ චීන විදේශ අමාත්‍ය වං යී මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් ලිපිය කියවීම හා ප්‍රධාන දේශනයක් පැවැත්වීම සිදු කර ඇත.

මෑත වසර තුළ දෙපාර්ශ්වයේම නායකයින්ගේ මග පෙන්වීම යටතේ චීන-අප්‍රිකානු මානව හුවමාරු තුළ ඵලදායී ප්‍රතිඵල ලබා ගෙන ඇති බව වං යී මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම චීනයේ සහ අප්‍රිකාවේ ජනතාව එකිනෙකා සමග වඩා සමීප වෙමින් සිටින අතර චීන-අප්‍රිකානු සහයෝගිතාව වඩා පුළුල් වෙමින් පවතින බව ඔහු පැවසීය. අවිනිශ්චිතතාවයන්ගෙන් පිරුණු වත්මන් ලෝකය තුළ චීනය සහ අප්‍රිකාව අන් කවරදාටත් වඩා හුවමාරුව සහ සහයෝගිතාව පුළුල් කළ යුතු බව ඔහු කියා සිටියේය. මෙම ක්‍රියාකාරකම හරහා නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකානු ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කරනු ඇතැයි වං යී මහතා සිය අපේක්ෂාව පළ කර ඇත.

මෙම මානව හුවමාරු ක්‍රියාකාරකම මත පදනම්ව චීනය සමග විවිධ ක්ෂේත්‍රයන්හි හුවමාරු සහ සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කරමින් චීන-අප්‍රිකානු සබඳතා ප්‍රවර්ධනය කිරීමට අප්‍රිකාව කැමැත්තෙන් සිටින බවට මෙම උත්සවයට එක් වූ අප්‍රිකානු නායකයින් අදහස් දක්වා ඇත.

අප්‍රිකානු සංගම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ ආයතනයන්හි ඉහළ මට්ටමේ නියෝජිතයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් 200කට අධික පිරිසක් එම උත්සවයට සහභාගී වූහ.