බ්‍රික්ස් රටවල ඒකාබද්ධ සමුද්‍රීය අභ්‍යාසයක් ඇරඹේ

චීනය, රුසියාව සහ දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් රටවල සහභාගීත්වයෙන් යුතුව ක්‍රියාවට නැංවන “Will for Peace 2026” නම් ඒකාබද්ධ සමුද්‍රීය අභ්‍යාසය ඇරඹේ. ඉකුත් 10 වනදා පෙරවරුවේ දකුණු අප්‍රිකාවේ Cape Town නගරයේ පිහිටි Simon’s Town වරායේදී එහි සමාරම්භක උත්සවය පැවැත්විණ. මෙම අභ්‍යාසය ලබන 16 වනදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ.

‘ප්‍රධාන නාවික මාර්ග හා සමුද්‍රීය ආර්ථික ක්‍රියාකාරකම්හි ආරක්ෂාව සහතික කිරීම සඳහා ඒකාබද්ධව ගනු ලබන ක්‍රියාමාර්ග’  යන්න මෙහි ප්‍රධාන අරමුණයි. මෙම අභ්‍යාසය හරහා අදාළ රටවල යුදමය හුවමාරු හා සහයෝගිතා පුළුල් කරමින් සමුද්‍රීය තර්ජනයන්ට මුහුණ දීමේ ශක්‍යතාවන් ඉහළ නංවාලීමට අපේක්ෂා කෙරේ.