චීනයේ සංචාරයක නිරත ඇමරිකානු තරුණ අධ්‍යාපන හුවමාරු නියෝජිත කණ්ඩායමේ ලිපියට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිළිතුරු දෙයි.
එහිදී ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ, හුවමාරු කණ්ඩායමේ ගුරුවරුන් සහ සිසුන් චීනයේ සාර්ථක සංචාරයක් පැවැත්වූ බව දැනගැනීමට ලැබීම සම්බන්ධයෙන් සතුටු වන බවයි. චීන-ඇමරිකානු සබඳතා වර්ධනය පිළිබඳ බලාපොරොත්තුව ජනතාව තුළ පවතින අතර එම සම්බන්ධතාවන්හි අනාගතය දෙරට තරුණයින් සතුවන බව හෙතෙම පැවසීය. මිත්‍රශීලී හුවමාරු සහ සහයෝගීතාව චීන සහ ඇමරිකා ජනතාවගේ පොදු අභිලාෂයයි. චීන-ඇමරිකානු මිත්‍රත්වය වර්ධනය කිරීමේ කාර්යයන්ට තවත් වැඩි ඇමරිකානු යෞවනයන් එක් වෙමින්, දෙරට අතර ජනතාව හා සංස්කෘතික හුවමාරු මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය ප්‍රවර්ධනය කිරීමට වැඩි දායකත්වයන් ලබා දීමට හැකිවෙතැයි බලාපොරොත්තු වන බව, ෂී ජින් පිං මහතා එම ලිපියේ සඳහන් කළේ ය.
මෑතකදී, චීනයට පැමිණි ඇමරිකානු තරුණ අධ්‍යාපන හුවමාරු නියෝජිත කණ්ඩායමක් ෂී ජින් පිං මහතාට ලිපියක් යවමින්, චීන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද “වසර පහක් තුළ හුවමාරුව සහ අධ්‍යයනය සඳහා ඇමරිකානු යෞවනයන් 50,000 ක් චීනයට ආරාධනා කිරීමේ” මුලපිරුම පිළිබඳව චීන ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළහ. එම මුලපිරුම දෙරටේ තරුණයින් අතර අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීමට වටිනා අවස්ථාවක් සපයයි.