චීනය ඇල්ජීරියාව වෙනුවෙන් චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කරයි

චීනය ඇල්ජීරියාව වෙනුවෙන් Alsat-3A නැමති චන්ද්‍රිකාව දියත් කර ඇත.

චීනයේ Jiuquan චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට Long March-2C ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන්, අද(15)  12:01ට එම චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කර තිබේ. චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂයට ඇතුළු වී ඇත.

ඉඩම් සැලසුම් කිරීම සහ ආපදා වැළැක්වීම මෙන්ම අවම කිරීම වෙනුවෙන් මෙම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් යොදා ගැනීමට  නියමිතය. මෙය Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 626 වන ගුවන් ගමනයි.