චීනයේ නැගෙනහිර ෂැන්ඩොං පළාත ආශ්‍රිත මුහුදු කලාපයෙන් දියත් කරන ලද වාණිජ රොකට්ටුවක් ආධාරයෙන් තවත් චන්ද්‍රිකා සමූහයක් සැලසුම් කළ පරිදි සාර්ථකව කක්ෂගත කරයි.
CERES-1 Y7 නම් මෙම වාණිජ රොකට්ටුව බෙයිජිං වේලාවෙන් අද (16) අලුයම 4:10ට ගුවන් ගත කෙරුණේ, Tianqi තාරකා මණ්ඩලයට අයත් චන්ද්‍රිකා සමූහයක් ද සමගිනි.
සමුද්‍රීය කලාපය පදනම් කර ගත් මෙම මෙහෙයුම Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය විසින් සිදු කළේය.