චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නව විදෙස් තානාපතිවරුන්ගේ අක්ත පත්‍ර භාර ගනී. අද(16) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ෂී ජින්පිං ජනාධිපතිවරයා තුර්කිය, ඔස්ට්‍රියාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල නව තානාපතිවරුන් 18 දෙනෙකුගේ අක්ත පත්‍ර භාර ගත්තේ ය.
ඒ සඳහා විශේෂ උත්සවයක් පැවැත්වූ අතර එහිදී චීන ජනාධිපතිවරයා දේශනයක් ද පැවැත්වීය.
චීනයේ “15 වන පස් අවුරුදු සැලැස්ම” යෝජනාව ලෝකයට අවස්ථා රැසක් සපයන බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේ ය. චීනය උසස් තත්ත්වයේ සංවර්ධනය හරහා ලෝකයට වඩාත් නිශ්චිතභාවයක් සහ නව ගම්‍යතාවයක් එක් කරනු ඇති බව ද ඔහු පැවසීය.
වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා තමා ගෝලීය පාලන මුලපිරුම යෝජනා කර ඇති බවත්, චීනය සැමවිටම ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටින අතර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු රටවල් සමග කටයුතු කරනු ඇති බවත් ෂී ජින්පිං මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
