හයිනාන් නිදහස් වෙළඳ වරාය ආශ්‍රිත විශේෂ රේගු මෙහෙයුම් අරඹා මාසයක් තුළ එහි ඉහළ ආර්ථික වර්ධනයක්

දකුණු චීනයේ හයිනාන් නිදහස් වෙළඳ වරාය ආශ්‍රිතව විශේෂ රේගු මෙහෙයුම් ආරම්භ කර ගත වූ මාසයක කාලය තුළ, එහි සුමට හා ක්‍රමවත් ක්‍රියාකාරිත්වයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එහිදී පෙන්නුම් කළ සැපයුම් කාර්යක්ෂමතාව, මගී පහසුව සහ ආර්ථික ස්ථාවරත්වයෙහි ජයග්‍රහණ ද සමගින්, ඉහළ මට්ටමේ විවෘතභාවය සඳහා චීනයේ කැපවීම වඩාත් පැහැදිළි කරයි.

හයිනාන් සහ චීන රේගු දේශ සීමාවෙන් පිටත රටවල් අතර වෙළඳාම සඳහා වැඩි නිදහසක් සහ අඩු සීමාවන් හිමි වන“පළමු රේඛාව”තුළින්ම භාණ්ඩ නිදහස් කිරීමේ ප්‍රවේශය ලබා දීම, මෙහි ඇති කැපී පෙනෙන විශේෂ රේගු ප්‍රතිපත්තියකි.

එමෙන්ම හයිනාන් සහ චීන රේගු දේශසීමාවෙන් පිටත ප්‍රදේශ අතර නිදහස් වෙළඳාම සඳහා “දෙවන රේඛාව”ට අදාළව නියාමනය කළ ප්‍රවේශයට අනුව, හයිනාන් සිට චීන මහ ගොඩවිම වෙත යැවෙන භාණ්ඩ සඳහා සම්මත රේගු පාලන නීති ක්‍රියාත්මක වීම ද මෙම විශේෂ රේගු ප්‍රතිපත්ති අතරට ඇතුළත් වේ.

Haikou රේගු මධ්‍යස්ථානයට අනුව, 2025 වසරේ දෙසැම්බර් මස 18 වැනිදා සිට 2026 වසරේ ජනවාරි මස 17 වැනිදා දක්වා, “පළමු රේඛාවේ” ආනයනය කරන ලද ශුන්‍ය තීරුබදු භාණ්ඩවල වටිනාකම යුවාන් මිලියන 750ක් වූ අතර, “දෙවන රේඛාව” හරහා දේශීයව අලෙවි කරන ලද සැකසූ සහ අගය එකතු කළ භාණ්ඩවල වටිනාකම යුවාන් මිලියන 85.9ක් පමණ විය.

නව ප්‍රතිපත්ති හරහා සිදුකෙරෙන දිරිගැන්වීම් වෙත ආකර්ෂණය වීමත් සමග, හයිනාන්හි ව්‍යාපාර කිරීම සඳහා සමාගම් තුළ වැඩි ‍උනන්දුවක් දක්නට ඇත. චීන රේගු මහා පරිපාලන වාර්තාවන්ට අනුව, පසුගිය මාසය තුළ හයිනාන්හි ලියාපදිංචිය සම්පූර්ණ කළ නව විදේශ වෙළඳ ව්‍යවසායන් 5,132ක් වන අතර එය, 2024 වසරේ කාර්තුවක් තුළ සිදු කළ සමස්ත ලියාපදිංචි කිරීම්වලට ද ආසන්න වීමකි. නිල දත්ත වාර්තාවන්ට අනුව, හයිනාන්හි ලියාපදිංචි විදේශ වෙළඳාම සඳහා සම්බන්ධ ව්‍යාපාරික ආයතන හෝ සංවිධාන සංඛ්‍යාව 100,000 ඉක්මවා ඇත.