2026 වසරේදී වඩාත් ධනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව චීන මුදල් අමාත්‍යාංශය පවසයි. එහි උප ඇමති Liao Min මහතා අද (20) චීන රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
2026 වසරේදී මූල්‍ය හිඟය, සමස්ත ණය පරිමාව සහ සමස්ත වියදම අවශ්‍ය මට්ටම්වල පවතිනු ඇත. මේ අතර, සමස්ත වියදම් වැඩි වීම සහ ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා සහයෝගය ශක්තිමත් වීම සහතික කිරීම සඳහා රජය උපරිමයෙන් ක්‍රියා කරනු ඇතැයි ද Liao Min මහතා එහිදී කියා සිටියේය.