චීන ජනාධිපති සහ චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා මෑතකදී “හමුදා න්‍යායික කටයුතු පිළිබඳ රෙගුලාසි” ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයකට අත්සන් තැබීය. එය 2026 වසරේ මාර්තු මස 01වැනිදා සිට ක්‍රියාත්මක වේ.
නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය මගින් මෙම රෙගුලාසි මෙහෙයවනු ලැබේ. චීන ලක්ෂණ සහිත නවීන හමුදා න්‍යාය පද්ධතියක් ගොඩනැගීම මෙන්ම නව යුගයේ සහ නව ගමනේ විද්‍යාත්මක හා ප්‍රමිතිගත හමුදා න්‍යායාත්මක කටයුතු සඳහා මූලික අවශ්‍යතා සහ ආයතනික විධිවිධාන තහවුරු කිරීමද මෙම රෙගුලාසි මගින් සිදු කෙරේ.
පරිච්ඡේද 07කින් සහ ලිපි 52කින් සමන්විත මෙම රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම චීනයේ හමුදා න්‍යායික කටයුතුවල උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා නීතිමය සහතික සැපයීම ද සිදු කරයි.