අග්නිදිග චීනයේ Fujian පළාතට අයත් වෙරළාරක්ෂක බලකාය විසින් සාමාන්‍ය පරිදි නිරන්තරව පවත්වනු ලබන සමුද්‍රීය නිරීක්ෂණ මෙහෙයුම් අඛණ්ඩව තවදුරටත් සිදු කරයි. එම පළාතට අයත් Kinmen කෝරළය ආශ්‍රිතව අද (24) මෙම නිරීක්ෂණ මෙහෙයුම සිදු කර ඇති බව චීන වෙරළාරක්ෂක බලකාය දැනුම් දී ඇත.
එහි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම මාසයේ සිට, Fujian හි වෙරළාරක්ෂක බලකාය එම මුහුදු ප්‍රදේශය තුළ නීතිය බලාත්මක කිරීමේ නිරීක්ෂණ මෙහෙයුම් තහවුරු කරමින් එහි පාලන කටයුතු හා සම්බන්ධ හැකියාවන් ද සහතික කර ඇති බවයි.
එමගින්, තායිවාන ප්‍රදේශයේ ධීවරයින් ඇතුළු චීන ධීවර ජනතාවගේ නීත්‍යනුකූල හා යුක්ති සහගත අයිතිවාසිකම් ප්‍රායෝගික ලෙස ආරක්ෂා කර ඇති බවත්, එහි නිත්‍ය යාත්‍රා කිරීම් හා ඊට අදාළ මෙහෙයුම් නිසියාකාරයෙන් සිදු කිරීම ද ආරක්ෂා කර ඇති බවත් එම මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.