චීනය බහුපාර්ශ්වවාදයේ වැදගත්කම යළි අවධාරණය කරයි

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලයේ 80 වන සංවත්සරය සමරමින් ඊයේ (23) උත්සවයක් පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ චීන නියෝජිත පිරිසේ වැඩබලන තානාපති Sun Lei මහතා එහිදී දේශනයක් පවත්වමින් බහුපාර්ශ්විකත්වය භාවිත‍‍යේ වැදගත්කම අවධාරණය කළේය.

වත්මන් ලෝකය කැලඹිලිවලින් පිරී ඇති බවත්, සාමය, සංවර්ධනය, ආරක්ෂාව සහ පාලනය හා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන්හි අඩු වීමකට වඩා එහි වැඩි වීමක් දක්නට ලැබෙන බව ඔහු පැවසීය. එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලය ඓතිහාසික වගකීමක් පෙන්නුම් කළ යුතු අතර ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතුය.

ගෝලීය සංවර්ධන මුලපිරුම් රාමුව යටතේ චීනය ඇමරිකානු ඩොලර් බිලියන 23කට අධික අරමුදලක් රැස්කර ඇති බවත්,සහයෝගිතා ව්‍යාපෘති 1800කට වඩා ක්‍රියාත්මක කර ඇති බවත්,සංවර්ධනය වෙමින් පවතින රටවලට 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උපකාර කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් Sun Lei මහතා පැවසීය. විවිධ රටවල් අතර පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලය විශාල කාර්යභාරයක් ඉටු කිරීම දිරිමත් කිරීම සඳහා චීනය විවිධ පාර්ශ්වයන් සමඟ කටයුතු කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.