චීන යුවාන් මිලියන 20 කට වඩා වාර්ෂික ආදායමකින් යුතු කාර්මික ව්‍යවසායන් 2025 වසරේදී යුවාන් ට්‍රිලියන 7.3982ක සංයුක්ත ලාභයක් වාර්තා කර ඇති බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි. එය පෙර වසරට වඩා 0.6% ක වැඩිවීමකි. එම ව්‍යවසායන් අතර රජය සතු හිමිකාරී ව්‍යවසායන් 2025 වසර තුළ චීන යුවාන් ට්‍රිලියන 2ක මුළු ලාභයක් අත්කර ගත් අතර පෙර වසරට සාපේක්ෂව 3.9% ක අඩුවීමක් එහි වාර්තා වී ඇත. ඒකාබද්ධ කොටස් ව්‍යවසායන් අත්කර ගත් සමස්ත ලාභය චීන යුවාන් ට්‍රිලියන 5.5ක් වන අතර එය 0.1% කින් අඩුවී තිබේ. විදේශ ආයෝජන ව්‍යවසායන් හා චීනයේ හොංකොං, මැකෞ සහ තායිවානය විසින් ආයෝජනය කර ඇති ව්‍යවසායන් චීන යුවාන් ට්‍රිලියන 1.7ක සමස්ත ලාභයක් අත්කර ගෙන ඇත. එහි වර්ධනය 4.2% කි. පෞද්ගලික ව්‍යවසායන් ද 2025 වසරේ චීන යුවාන් ට්‍රිලියන 2.2 ක සමස්ත ලාභයක් අත්කර ගැනීමට සමත් විය. එය 2024 වසර හා සැසඳීමේදී සමාන මට්ටමක පැවති බව වාර්තා වේ.