මිලාන් ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා චීන ක්‍රීඩා නියෝජිත කණ්ඩායම සූදානම්

25 වන ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා චීන ක්‍රීඩා නියෝජිත පිරිස අද(27) නිල වශයෙන් ස්ථාපිත කෙරිණ.

මෙම ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා චීන නියෝජිත පිරිස 286 දෙනෙකුගෙන් සමන්විතය.  එයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 126ක් (කාන්තාවන් 68ක් සහ පිරිමින් 58ක්) සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 160 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඇතුළත් වෙති. ඔවුන් ක්‍රීඩා අංශ 7ක ඛාණ්ඩ 15ක් සඳහා ඉසව් 91 කට සහභාගී වනු ඇති අතර, මෙය චීනයේ වැඩිම විදේශීය ඉසව් සංඛ්‍යාව මෙන්ම වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක්  සහභාගී වන ශීත ඍතු ඔලිම්පික් උළෙල වනු ඇත.

ශීත ඍතු ඔලිම්පික් උළෙල 2026 වසරේ පෙබරවාරි 6 වැනිදා සිට 22 වැනිදා දක්වා ඉතාලියේ මිලාන් සහ කෝර්ටිනා හිදී පැවැත්වෙන අතර, ඊට සමස්ත ක්‍රීඩා  ඛාණ්ඩ 16ක් සහ ඉසව් 116ක් ඇතුළත් වේ.