චීන- බ්‍රිතාන්‍ය ආර්ථික හා වෙළඳ සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට චීනය අපේක්ෂා කරයි. චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා අද(27) බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer මහතාගේ එළඹෙන චීන සංචාරය සම්බන්ධව අදහස් දක්වමින් මේ පිළිබඳව සඳහන් කර තිබේ.
චීනය හා බ්‍රිතාන්‍යය අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වෙළඳ හවුල්කරුවන්ය. දිගු කාලයක් පුරා දෙරට නායකයන්ගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා ස්ථාවර ලෙස වර්ධනය වී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ මෙවර චීන සංචාරයට එරට 50කට වැඩි ප්‍රධාන ව්‍යවසායන්හි ඉහළ පෙළේ කළමනාකරුවන් ද එක් වනු ඇත. එම ව්‍යවසායකයන් මූල්‍ය, වෛද්‍ය හා සෞඛ්‍ය, සංස්කෘතික හා නිෂ්පාදන අංශය ඇතුළු බ්‍රිතාන්‍යයේ ප්‍රබල ක්ෂේත්‍ර රැසක් නියෝජනය කිරීම විශේෂත්වයකි. ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳ බ්‍රිතාන්‍ය රජයේ අපේක්ෂාව එමගින් මනාව පිළිබිඹු වෙයි. මෙම අපේක්ෂාව පිළිබඳ චීනය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය පාර්ශ්වය සමග එක්ව Keir Starmer අගමැතිවරයාගේ චීන සංචාරය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. එම සංචාරය තුළින් චීන- බ්‍රිතාන්‍ය ආර්ථික හා වෙළඳ සහයෝගිතාව වඩාත් ඉදිරියට ගෙන යමින් එහි නව්‍ය විෂය ක්ෂේත්‍ර නිර්මාණය කිරීමට ද බලාපොරොත්තු වන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.