ඇමරිකානු වෙළඳ නියෝජිතයෙක් මෑතකදී ඩාවෝස් හිදී ප්‍රකාශ කළේ, චීනය සහ ඇමරිකාව අතර සිදුවිය හැකි හමුවට පෙර නව වටයක වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට අවස්ථාවක් ඇති බවය.
මේ පිළිබඳ අදහස් දක්වමින් චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා He Yongqian මහත්මිය පෙන්වා දුන්නේ, පසුගිය වසරේ දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ, චීනය සහ ඇමරිකාව සමානාත්මතාවය, ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත මූලධර්මවලට අනුකූලව, වෙළඳ උපදේශන වට පහක් පවත්වා ධනාත්මක ප්‍රතිඵල මාලාවක් අත්කර ගත් බවය.
දෙරටේ නායකයින් අතර දකුණු කොරියාවේ බුසාන්හි පැවති සමුළුවෙන් පසුව, දෙපාර්ශ්වයම චීන-ඇමරිකානු වෙළඳ උපදේශන යාන්ත්‍රණය හරහා සෑම මට්ටමකින්ම අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වමින්, දෙරටේ නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙළඳ උපදේශනවල ප්‍රතිඵල ඒකාබද්ධව ප්‍රවර්ධනය කර ඇති බව He Yongqian මහත්මිය පැවසුවාය.
ඇමරිකාව සමග, දෙරටේ නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය ආරක්ෂා කර මැනවින් ක්‍රියාත්මක කිරීමෙන් සහ චීන-ඇමරිකා වෙළඳ උපදේශන යාන්ත්‍රණය හොඳින් භාවිත කිරීමෙන්, දෙරට අතර වෙනස්කම් කළමනාකරණය කිරීමට, සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, චීන-ඇමරිකා වෙළඳ සබඳතාවල ස්ථාවර, ඵලදායී සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, He Yongqian මහත්මිය එහිදී සඳහන් කළා ය.