සයිබර් අපරාධ තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමේ සහයෝගිතා අඛණ්ඩව තහවුරු කරන බවට චීනයෙන් ප්‍රකාශයක් 

සයිබර් අපරාධ තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමේ සහයෝගිතා අඛණ්ඩව තහවුරු කරනු ඇතැයි  චීනය පවසයි.  

අන්තර්ජාතික සයිබර් අපරාධ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(29) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

මෑතකදී මියන්මාරය යන රටවල් සමග සක්‍රිය සහයෝගිතා පවත්වමින් චීනය සයිබර් අපරාධ තුරන් කරමින් සිටී. සයිබර් සූදුව හා වංචා කිරීම යන අපරාධ පොදුවේ තුරන් කිරීමෙන් ජනතාවගේ දේපළ හා ජිවිතවල සුරක්ෂිතභාවය මෙන්ම කලාපීය රටවල් අතර පවතින නිසි හුවමාරු පටිපාටිය සුරක්ෂිත කිරීමේදී කැපීපෙනෙන ප්‍රතිඵල දිනා ගත් බවද හෙතෙම සඳහන් කළේය. අදාළ ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමේ සහයෝගිතා අඛණ්ඩව ශක්තිමත් කරන චීනය සයිබර් සූදුව හා වංචා යන අන්තර්ජාතික අපරාධ වළකාලමින් එහි මූලාශ්‍රය ඉවත් කරනු ඇති බවද Guo Jiakun මහතා එහිදී පැවසීය.