චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රවර්ධන වීඩියෝ දර්ශන පසුගියදා සර්බියාවේ Smederevo වානේ කම්හල සහ Novi Sad-Ruma අධිවේගී මාර්ග ඉදිකිරීම් ස්ථාන ආශ්‍රිතව එළිදක්වන ලදී.
චීන සහ සර්බියානු ඉදිකිරීම් කම්කරුවන් තම රාජකාරි අතරතුර හිමි වන විවේක කාලය තුළ එම වීඩියෝ දර්ශන නැරඹීමට එක් වෙමින් චීන වසන්ත උත්සවයේ සජීවී බව සහ උණුසුම අත්විඳිමින්,එළඹෙන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය පිළිබඳව ඔවුහු සිය බලාපොරොත්තු පෙන්නුම් කළහ. ප්‍රවර්ධන වීඩියෝවේ ඇති සජීවී හා උත්සව දර්ශන,අපූරු රංගනයන් සහ පවුලේ සැම එකට එක්වීමෙන් ප්‍රීතිමත් බව පෙන්නුම් කිරීම යනාදිය නිසා චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය කෙරෙහි ඔවුන් තුළ ඇති වූ දැඩි උනන්දුවත් සමග එය බලාපොරොත්තුවෙන් සිටි බවත් සර්බියානු ඉදිකිරීම් කම්කරුවන්ගේ අදහස විය. විදේශයන්හි සිට වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය නැරඹීමෙන් තම මාතෘ භූමියේ දියුණුව පිළිබඳ ආඩම්බරයක් ඇති වූ බවත්,විදේශයන්හි ජීවත් වන අතරතුර තම නිවෙස් පිළිබඳ මතකයන් පහව ගිය බවත් එහි සිටි චීන ජාතිකයෝ ප්‍රකාශ කළහ. එමෙන්ම සිය වැඩබිම්වල සිට වසන්න උත්සවය වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කිරීමට ද, චීන සහ සර්බියානු ඉදිකිරීම් කම්කරුවන් පියවර ගෙන තිබිණ.

