මහා Mekong ගංඟා උප කලාපයේ ආර්ථික සහයෝගිතාවේ 8 වැනි නායක සමුළුව චීන අගමැති ප්‍රධානත්වයෙන් එළඹෙන හයවනදා

මහා Mekong ගංඟා උප කලාපයේ ආර්ථික සහයෝගිතාවේ 8 වැනි නායක සමුළුවට චීන අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිත ය. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(4) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

මහා Mekong ගංඟා උප කලාපයේ ආර්ථික සහයෝගිතාවේ 8 වැනි නායක සමුළුව එළඹෙන 6 සහ 7 යන දෙ‍දින චීනයේ Yunnan පළාතේ Kunming නගරයේදී පැවැත්වීමට නියමිතය. චීන අගමැති Li Qiang මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සමුළුවට කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය යන Mekong ගංඟාව ආශ්‍රිත රටවල් 5ක නායකයන් හා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ද එක්වනු ඇති බව ඇය සඳහන් කළාය.

මෙවර නායක සමුළුවේදී ඒ ඒ පාර්ශ්වයන් සමග පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම විවෘතභාවය, නවෝත්පාදනය, සාමූහික සන්නිවේදනය, සම්බන්ධීකරණය යන වැදගත් කරුණු හතර කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත. එමෙන්ම කලාපයේ අන්‍යෝන්‍ය ගමනාගමනය හා සන්නිවේදනය, වෙළඳාම හා ආයෝජනය, කෘෂිකර්මය, දිළිඳු බව තුරන් කිරීම යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා තුළින් නව ජයග්‍රහණ ලබා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට ද චීනය කැමැත්තෙන් සිටින බව Mao Ning මහත්මිය එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.