14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරයේ දෙවන පූර්ණ රැස්වීම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරයේ දෙවන පූර්ණ රැස්වීම අද (9) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රාජ්‍ය නායකයෝ ඊට එක්වූහ.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ පැවරුමකට අනුව ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා එහිදී චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවට පසුගිය වසරේ කටයුතු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේ ය.

එම වාර්තාවට අනුව, පසුගිය වසරේ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව විසින් නීති, නීතිමය අර්ථකථන සහ තීරණ කෙටුම්පත් 40ක් අධීක්ෂණය කර සාකච්ඡාවට ලක් කර ඇති අතර, ලියවිලි සහ වැදගත් ගිවිසුම් 9ක් අනුමත කර ඇත.

පසුගිය වසරේ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව විසින් අධීක්ෂණ කටයුතු පිළිබඳ වාර්තා 22 ක් නිරීක්ෂණය කර සාකච්ඡාවට ලක්කර ඇති අතර, නීති 5ක ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය ද පරීක්ෂාවට ලක්කර ඇත. එසේම විශේෂ ප්‍රශ්න කිරීම් 2 ක් සහ විශේෂ විමර්ශන 11 ක් සිදු කර ඇති අතර, යෝජනාවක් ඉදිරිපත් කිරීමද සිදුව තිබේ.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව පසුගිය වසරේ නීත්‍යනුකූලව ගොනු කිරීම් සහ සමාලෝචන රාජකාරී ඉටු කරමින්, ඉදිරිපත් කළ පරිපාලන රෙගුලාසි සහ අධීක්ෂණ රෙගුලාසි 2,218 ක් නිරීක්ෂණ කර තිබේ. ඔවුන් පුරවැසියන් සහ සංවිධාන විසින් ඉදිරිපත් කළ සමාලෝචන යෝජනා 6,705 සාකච්ඡා කර නීත්‍යකූලව සිය ප්‍රතිචාරයන් ඉදිරිපත් කර තිබේ . එමෙන්ම චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව විසින් අදාළ සම්මත ලේඛනයන්හී මධ්‍යගත සමාලෝචනයක් සහ සකස් කිරීම් ද සිදු කර ඇති බව, Zhao Leji මහතා එහිදී සඳහන් කළේ ය.

මේ අතර, එම පූර්ණ රැස්වීමේදී 2025 වසරේ චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය වාර්තාව නිකුත් කෙරිණ. ඒ චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති Zhang Jun මහතා විසිනි.

ගෙවී ගිය 2025 වසරේ චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණය නඩු 29,154ක් භාර ගත් අතර නඩු 31,958ක් අවසන් කළේය. ජාතික ආරක්ෂාව ස්ථිර ලෙස ආරක්ෂා කිරීම මෙන්ම රාජ්‍ය බලය කඩාකප්පල් කිරීම, බෙදුම්වාදයට විරුද්ධ වීම, ත්‍රස්තවාදය සහ මිථ්‍යාදෘෂ්ටික ක්‍රියාවන්ට එරෙහි වීම යන කටයුතු චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර ඇත. එමෙන්ම “තායිවාන බෙදුම්වාදීන්ට” එරෙහි දැඩි දඬුවම් පැනවූ බව ද එම කාර්ය වාර්තාවේ සඳහන් විය.

චීනය පුරා ඒකාබද්ධ ජාතික වෙළඳපොළක් ගොඩනැගීමට දායක වෙමින් චීන සුරැකුම්පත් නියාමන කොමිසම සමග එක්ව චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රාග්ධන වෙළඳපොළේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා උපදෙස් ලබා දුන් බව එහිදී ප්‍රකාශ කෙරිණ. එමෙන්ම කෘත්‍රිම බුද්ධියේ ප්‍රමිතිගත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථිකයේ විධිමත් සංවර්ධනය සහතික කිරීම සහ  හරිත සංවර්ධනයට යොමු වීම පිළිබඳ කටයුතු ද මනාව ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම ජාතික හා ජනතාවගේ අයිතිවාසිකම් ස්ථිර ලෙස සුරක්ෂිත කර ඇත. චීන අධිකරණ ස්වාධිපත්‍යය දැඩිව ආරක්ෂා කළ බවද අදාළ කාර්ය වාර්තාවේ සඳහන් විය.

2026 වසරේ ලිහිල් බව සහ දැඩි බව ඒකාබද්ධ කිරීමේ අපරාධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, අන්තර්ජාල පාලනය සඳහා අධිකරණ ප්‍රතිපත්ති පූර්ණ කිරීම මෙන්ම අධිකරණ පද්ධති ප්‍රතිසංස්කරණ යන කරුණු චීනයේ ඒ ඒ මට්ටමේ අධිකරණවල ප්‍රධාන කාර්යයන් වනු ඇති බවද චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය වාර්තාවේ සඳහන් ව තිබිණ.

ඒ සමගම, 2025 වසරේ චීන උත්තරීතර මහජන නීති නියාමනායතනයේ කාර්ය වාර්තාව එහිදී ඉදිරිපත් කෙරිණ. 2025 වසරේ චීන උත්තරීතර මහජන නීති නියාමනායතනය නඩු මිලියන 3.467ක් හසුරවමින් අපරාධ වෙනුවෙන් සැකකරුවන් 664,000ක් අත්අඩංගුවට ගැනීම අනුමත කළ අතර,  පුද්ගලයින් මිලියන 1.404කට නඩු පැවරූ බව චීන උත්තරීතර මහජන නීති නියාමනායතනයේ සභාපති Ying Yong මහතා එම වාර්තාව ඉදරිපත් කරමින් සඳහන් කළේය.