චීනයේ වාර්ෂික සැසිවාර ලෝකයට වැඩි අවස්ථාවන් ලබා දෙනු ඇත–විදෙස් මාධ්‍ය

චීනයේ වාර්ෂික සැසිවාර දෙක පැවැත්වීම කෙරෙහි විදේශීය මාධ්‍ය දැඩි අවධානයක් යොමු කරමින්, නවෝත්පාදනය සහ විවෘතභාවය පුළුල් කිරීම යනාදී ක්ෂේත්‍රයන්හි චීනයේ පියවර ධනාත්මකව ඇගයීමට ලක් කරයි. සැසිවාර දෙක ලෝකයට වැඩි අවස්ථාවන් ලබා දෙනු ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසය වී ඇත.

ලොව දෙවන විශාලතම ආර්ථික ඒකකය ලෙස චීනයේ ආර්ථික සංවර්ධනය ලෝකයට සැලකිය යුතු බලපෑමක් සිදු කරන බව චෙක් රාජ්‍යයේ මාධ්‍ය වාර්තා කරයි. චීනය ලෝකයේ නිෂ්පාදන මධ්‍යස්ථානය පමණක් නොව, ලොව වැදගත් නවෝත්පාදන මධ්‍යස්ථානයක් හා ගතික වෙළඳපොළක් ද වන අතර, චීනය ගෝලීය ව්‍යවසායන් සඳහා නව අවස්ථා ලබා දී ඇති බව ඔවුන් සඳහන් කර ඇත.

මෙම වසරේ චීන සැසිවාර දෙක ඉදිරි වසර පහ තුළ චීනයේ ආර්ථික සංවර්ධනය සඳහා මග පෙන්වනු ඇති බවට කසක්ස්ථාන ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය ලිපියක් ප්‍රකාශයට පත් කරමින් පැවසීය. ඉදිරි වසර පහ, චීනය ඉහළ මට්ටමේ විද්‍යා හා තාක්ෂණික මෙන්ම නවෝත්පාදනයන්ගෙන් මෙහෙයවනු ලබන අධිගුණාත්මක සංවර්ධන අවධියක් කරා පරිවර්තනය කිරීමේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇතැයි එහි සඳහන් විය.

කෙන්යානු ජාතික ගුවන්විදුලි සංස්ථාව සිය වෙබ් අඩවියේ ලිපියක් පළ කරමින් පෙන්වා දුන්නේ, මෙම වසරේ චීන සැසිවාර දෙක පැහැදිලි සංඥාවක් යොමු කර ඇති බවයි. එනම්, චීන වෙළඳපොළ තවදුරටත් ලෝකය කෙරෙහි වඩාත් විවෘත වීමය. චීනය ඉදිරි පියවරයන්  මාලාවක් දියත් කරන බවත්, හවුල්කාර රටවලට සුදුසු ආකාරවලින් සහාය වීම සඳහා චීනය සූදානමින් සිටින බවත් එම ලිපියෙන් පවසා ඇත. එමෙන්ම මෙය කෙන්යාවට ඉතා වටිනා අවස්ථාවක් බව ද එහි වැඩිදුරටත් සඳහන් විය.