චීනයේ, සමස්ත පාලන ක්‍රමවේදය, ජනතා ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම, මැතිවරණ, සාකච්ඡා, තීරණ ගැනීම, කළමනාකරණය සහ අධීක්ෂණය ඇතුළු ජාතික මට්ටමේ පාලනයක් තුළ සමන්විත විය යුතු සියලු අංශවල පිළිබිඹුවකි. ඉන් ජනතාව කේන්ද්‍ර කරගත් වටිනාකම් සඳහා අවස්ථාවන් ලබා දීමේ දිශානතියක් පෙන්නුම් කෙරේ. එමෙන්ම මෙම සැසිවාර හරහා, ලෝකයා වෙත චීනයේ සංවර්ධන සැලැස්ම දැකීමට පමණක් නොව, වඩාත් පුළුල්තම, ඵලදායීතම සහ අව්‍යාජ බවින් යුතු චීනයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මනාව අවබෝධ කර ගැනීමේ හැකියාව ද ලැබී ඇත.
වත්මන් චීනයේ මිලියන 2.77කට අධික මහජන කොංග්‍රසයේ නියෝජිතයින්ගෙන් 95%කට ආසන්න ප්‍රමාණයක්, කෝරළ සහ ග්‍රාමීය මහජන නියෝජිතයින් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කම්කරුවන්, ගොවීන් සහ වෘත්තීය ශිල්පීන් වේ. ඔවුන් සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම් ජාතික සැසිවාරයට ගෙන ඒම සිදු කරනු ඇත.
15 වන පස් අවුරුදු සැලැස්මේ කෙටුම්පත් සමාලෝචනය හා සාකච්ඡා කිරීම මෙවර සැසිවාරයන්හි කේන්ද්‍රීය කාර්යයකි. පසුගිය වසරේ මැයි මස සිට ජුනි මාසය දක්වා කාලය තුළ සැලසුම් සකස් කිරීම සඳහා මාර්ගගත යෝජනා එකතු කිරීමේදී ඵලදායී යෝජනා මිලියන 3.1කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇත. එයින් අංශ 27ක් යටතේ තෝරා ගත් ඵලදායී අදහස් හා යෝජනා 1500කට අධික සංඛ්‍යාවක් සකස් කරන ලදී. එහි අන්තර්ගතයෙන් වැඩි ප්‍රමාණයක් පිළිගනු ලැබීය.
මෙම වසරේ සැසිවාර දෙක තුළ සැලකිය යුතු අවධානයක් දිනා ගන්නා ලද ජෛව පරිසර නීති කෙටුම්පත, ජනවාර්ගික එකමුතුව සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ නීති කෙටුම්පත සහ ජාතික සංවර්ධන සැලසුම් නීති කෙටුම්පත යන නීති කෙටුම්පත් තුන, පුළුල් ලෙස අධීක්ෂණය කරමින් සාකච්ඡාවට ලක් කර ඇත. මෙම නීති සඳහා විවිධ අංශවලින් පුළුල් ලෙස අදහස් හා යෝජනා එකතු කොට නැවත නැවතත් සංශෝධනයන්ට භාජනය විය.