චීනයේ “Silk Road Ark” නාවික හමුදා රෝහල් නෞකාවේ “Mission Harmony 2025” මෙහෙයුම සාර්ථකව නිම කරයි

චීන නාවික හමුදාවේ රෝහල් නෞකාවක් වන “Silk Road Ark”, එහි “Mission Harmony 2025” නම් මෙහෙයුම සාර්ථකව නිම කර අද (26) පෙරවරුවේ, චීනයේ Hainan පළාතේ Sanya හි නාවික වරායකට ආපසු පැමිණියේය. දින 234ක් පුරා පැවති මෙම මෙහෙයුමෙහි මුළු ගමන් දුර නාවික සැතපුම් 36,000 කි. මෙය 2010 වසරේ සිට චීන නාවික හමුදාව විසින් සිදු කරනු ලබන “Mission Harmony” වැඩසටහනෙහි 11 වන මෙහෙයුමයි.

2025 වසරේ සැප්තැම්බර් මස 05 වැනිදා,”Silk Road Ark” නම් රෝහල් නෞකාව චීනයේ Fujian පළාතේ Quanzhou නරගයෙන් ගමන් ආරම්භ කළේය. එතැන් සිට මෙම රෝහල් නෞකාව නාවුරු,ෆීජි,ටොංගා, ජැමෙයිකාව,බාබඩෝස්,පැපුවා නිව්ගිනියා යන රාජ්‍යයන් වෙත ගොස් වෛද්‍ය සේවා සපයා ඇත. එම සියලු මෙහෙයුම් තුළ මෙම නෞකාව හරහා සිදු කළ මුළු රෝගී පරීක්ෂණ සංඛ්‍යාව 26,300 කට අධික විය.