මැයි දින නිවාඩු සමයේ චීනයේ අන්තර් දේශසීමා සංචාරක වාර ගණන මිලියන 11 ඉක්මවයි. වීසා රහිත පහුසකම් ද මෙම වාර්තාගත සංචාරක වාර ගණනට බලපා තිබේ.
මැයි පළමු දා සිට ඇරඹි එම නිවාඩු සමය තුළ මිලියන 11.3ක අන්තර් දේශසීමා සංචාරයන් සිදුව ඇති බව චීන ජාතික ආගමන පරිපාලනය සඳහන් කළේය. දින 5ක නිවාඩු සමයේ දෛනිකව මිලියන 2.26ක පමණ සංචාරක වාර සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. පෙර වසර හා සැසඳීමේදී මෙවර එය සියයට 3.5කින් ඉහළ ගොස් ඇත. වැඩිම අන්තර් දේශසීමා සංචාරක වාර සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැයි මස දෙවෙනිදාය. සමස්ත අන්තර් දේශසීමා වාර සංඛ්‍යාවෙන් විදේශිකයන් සංඛ්‍යාව මිලියන 1.26කි. එය සියයට 12.5ක වර්ධනයකි. ඒ අතරින් වීසා රහිත පහසුකම යටතේ පැමිණි පිරිස හාර ලක්ෂ තිස්හය දහසක් වන අතර සියයට 14.7ක වර්ධනයක් ඉන් පෙන්නුම් කෙරේ.