හමුදාකරණය වෙත ජපානයේ ආගමනය යළි හැරවිය නොහැකි බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති බව චීනය කියයි

ජපානය මිලිටරිවාදයේ මාවතට නැවත පැමිණීම බරපතල ප්‍රතිවිපාක සහිත ආපසු හැරවිය නොහැකි මාවතක් වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි.

Sanae Takaichi අග්‍රාමාත්‍යවරියගේ රජය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන වෑයම ප්‍රකාශ කළ දා සිට,ජපාන සමාජයේ සෑම අංශයකින්ම ඊට එරෙහිව විශාල විරෝධයක් එල්ල වී ඇත. දශක ගණනාවකින් පසු දැකිය හැකි එරට විශාලතම යුද විරෝධී උද්ඝෝෂණ පවා මේ හේතුවෙන් වාර්තා වේ. අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් Guo Jiakun මහතා ඒ බව පැවසීය.

“ආත්මාරක්ෂාව” මුවාවෙන් දක්ෂිණාංශික බලවේග ඊනියා “බාහිර තර්ජන” අතිශයෝක්තියට නංවමින් සිටින අතර,එමඟින් ඔවුන්ගේම ජනතාවගේ යහපැවැත්ම කැප කර ආසියා-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය අඩපණ කරන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. එබැවින් සාමයට ලැදි සියලු රටවල් සහ ජපාන ජනතාව එක්ව, නැවත හමුදාකරණය සඳහා ජපාන දක්ෂිණාංශික බලවේගයන්හි නොසැලකිලිමත් ක්‍රියාවන්ට විරුද්ධ විය යුතු බවත්, ජපානයේ “නව මිලිටරිවාදය” බලවත් වීම ඒකාබද්ධව මැඩපැවැත්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.