චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රාජ්‍ය සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා සාකච්ඡාවක් පවත්වති. ඒ අද(25) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය.
චීන සහ සර්බියානු ජාතීන් දුෂ්කරතා මෙන්ම කීර්තිය යන දෙකම අත්විඳ ඇති අතර ඔරොත්තු දෙන සහ නොබිඳිය හැකි ආත්මයකින් ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ස්ථිරව තහවුරු කිරීමෙහි නියැළී සිටින බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. සාමකාමී සංවර්ධනය ආරක්ෂා කිරීම සහ යුක්තිය පිළිපැදීම පිළිබඳව දෙරටට පුළුල් අවබෝධයක් ඇත. දෙපාර්ශ්වය හුවමාරු, අන්‍යෝන්‍ය විශ්වාසය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහයෝගය පුළුල් කිරීමෙන්, පොදු ඉරණම සහ පොදු සමෘද්ධිය පිළිබඳ දීප්තිමත් මාවතක් නිර්මාණය කිරීමටත් දෙරට විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය නව මට්ටමකට ඔසවා තැබීමටත් එක්ව කටයුතු කළ යුතු යැයි චීන ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී අවධාරණය කළේය.
සර්බියාව සිය ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් තෝරා ගැනීමේදී චීනයේ සහාය හිමි වන අතර, රට පාලනය කිරීමේ අත්දැකීම් හුවමාරු කර ගැනීම් ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. උසස් තත්ත්වයේ සංවර්ධන ඉලක්කයන්ට යොමු වන අයුරින් චීනයේ 15 වන පස් අවුරුදු සැලැස්ම ආරම්භ කොට ඇත. දෙපාර්ශ්වය සංවර්ධන උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීම පිළිබඳ මධ්‍යකාලීන ක්‍රියාකාරී සැලැස්ම ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතුය. නව වර්ධන ලක්ෂ්‍යයන් ගවේෂණය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය, හරිත බලශක්තිය සහ උසස් නිෂ්පාදනය වැනි නැගී එන ක්ෂේත්රවල සහයෝගීතාව වැඩිදියුණු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.
වත්මන් සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වය මධ්‍යයේ, චීනය සහ සර්බියාව ජාත්‍යන්තර කටයුතුවල සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කරමින් සැබෑ බහුපාර්ශ්විකත්වය ප්‍රගුණ කිරීමෙහි එල්බ සිටිය යුතුය. එසේම, සාධාරණ හා ක්‍රමවත් බහුධ්‍රැවීය ලෝකයක් නිර්මාණය කිරීමට අන්තර්කරණය සහිත ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කරමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා නොනවතින උත්සාහයන් ගත යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
සර්බියාව සහ චීනය අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ පසුගිය දශකය තුළ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව Aleksandar Vučić ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. තම රටේ සංවර්ධනයට චීනය දැක්වූ සහාය වෙනුවෙන් ඔහු සිය කෘතඥතාව පළ කළේ ය. සර්බියාව සහ චීනය අතර ශක්තිමත් මිත්‍රත්වය දිගු කලක් දිනේවා යැයි ඔහු එහිදී ප්‍රාර්ථනා කර ඇත.
ප්‍රධාන බලවතෙකු ලෙස, චීනය සැමවිටම කුඩා රටවලට සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් සලකන අතර, ජාත්‍යන්තර නීතිය අනුගමනය කරයි. මෙය ලෝකයට ආදර්ශයක් සපයයි. ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ වැදගත් ගෝලීය මුලපිරුම්වලට සහාය දක්වන සර්බියාව, ජාත්‍යන්තර සාමය, සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා චීනය සමග බහුපාර්ශ්වික සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු කියා සිටියේ ය.
සාකච්ඡාවලින් පසුව, රාජ්‍ය නායකයින් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන්, චීනය සහ සර්බියාව අතර දේශපාලනය, ආර්ථිකය සහ වෙළඳාම, විද්‍යාව හා තාක්ෂණය, අධ්‍යාපනය, අධිකරණය සහ සංස්කෘතිය යන ක්ෂේත්රවල 20කට වැඩි සහයෝගිතා ලියකියවිලි අත්සන් තැබිණ.
දෙපාර්ශ්වය “නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-සර්බියානු ප්‍රජාවක් ගොඩනැගීම අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පිළිබඳ චීනයේ සහ සර්බියාවේ ඒකාබද්ධ ප්‍රකාශය” සහ “ගෝලීය මුලපිරුම් සතර ක්‍රියාත්මක කිරීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීනයේ සහ සර්බියාවේ ඒකාබද්ධ ප්‍රකාශය” නිකුත් කළහ.
